සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රය තුල පවතින
න්‍යායික මතවාද පිළිබඳ සාකච්ඡා කිරීමේදී
සම්භාව්‍ය සමාජ විද්‍යා න්‍යායන්, නූතන සමාජ විද්‍යා න්‍යායන්, පශ්චාත් නූතන සමාජ
විද්‍යා න්‍යායන්,පශ්චාත් පශ්චාත් නූතන සමාජ විද්‍යා න්‍යායන් සහ විසි එක්වන
සියවසේ සමාජ විද්‍යා න්‍යායන් ආදී වශයෙන් වර්ග කර දැක්විය හැකි වේ. එහිදී පශ්චාත්
නූතන සමාජ විද්‍යා න්‍යායික මතවාදයන් වශයෙන් සමාජීය විද්‍යා න්‍යායක සහ දාර්ශනික
කතිකාවේ දී ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු මෙන්ම ඉතිහාසඥයෙකු වන මිචෙල් ෆූකෝගේ (Michel
Foucault) න්‍යායික මතවාදයක් වැදගත් වේ. ඔහු
ඉදිරිපත් කර ඇති මතවාදයන් අතුරින් දැනුම සහ බලය පිළිබඳ න්‍යායික මතවාදය (Theory of Knowledge and Power) ප්‍රමුඛ වේ. මෙම මතවාදය සමස්ත
පශ්චාත්-නූතන පරම්පරාවටම බලපෑම් එල්ල කිරීමට සමත් ව පැවතීම මෙලෙස ප්‍රමුඛ වීමට
හේතු වී තිබේ .
මිචෙල් ෆූකෝ (Michel Foucault) 1926-1984 |
ෆූකෝගේ දැනුම සහ බලය පිළිබඳ න්‍යායික විග්‍රහය පිළිබඳ සලකා බලන කළ දැනුම තුළින් සමාජය තුළ බලයක් ගොඩනැගෙන ආකාරය පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමක් සිදු කර තිබේ. එහිදී දැනුම විසින් බලයක් නිර්මාණය කරන අතර බලය තුළින් දැනුමේ ස්වභාවය ප්‍රතිනිර්මාණය වනු ලබන බව හුවා දක්වයි. ඒ අනුව දැනුම එක්තරා ආකාරයකට බලය භාවිත උපක්‍රමයක් වශයෙන් ක්‍රියාත්මක වන ස්වරූපයක් මෙම මතවාදය තුළින් අවධාරණය කෙරේ.
නිදර්ශනයක් වශයෙන් ශ්‍රී ලංකා සමාජය තුළ වෛද්‍යවරුන් සතු ඥානය මත ඔවුන් සමාජය තුළ එක්තරා ආකාරයකට බලයක් ගොඩනගා ගෙන පැවතීම දැක්විය හැකි ය. එසේම දැනුම සහිත කණ්ඩායම් අවසාන විග්‍රහයේ දී ආධිපත්‍යවාදී කණ්ඩායමක් බවට පත් වනු ලබන බවත්, ඒ හරහා දැනුම පාදක බලය භාවිත කොට කිසියම් කණ්ඩායමක් පාලනය කරනු ලබන තත්ත්වයකට පත්වන ආකාරයත් මෙකී මතවාදය තුළින් අවධාරණය කිරීමට උත්සහ දරා තිබේ. එහිදී ෆූකෝ, දැනුම පාදක කණ්ඩායම් විසින් යම් කණ්ඩායමක් පාලනය කිරීම සම්බන්ධ සාධාරණීකරණයක් අවිඥානිකව මිනිසා තුළ වර්ධනය වන බවත්, එකී බල ඥාන ව්‍යාප්තිය නිසා මිනිසාට කළ හැකි බොහෝ දේවල් මගහැරී යමින්, නිදහස ද සීමා කරනු ලබන බවක් මෙමගින් තවදුරටත් හුවා දැක්වීමට උත්සාහ දරා ඇත.
ඒ අනුව ෆූකෝගේ දැනුම සහ බලය පිළිබඳ න්‍යායික මතවාදය සම්බන්ධ යම් සත්‍යතාවක් පවතිනු ලබන බව නිර්ණය කළ හැකි වේ. උදාහරණයක් ලෙස සංවර්ධනය යනු එවැනි බල ඥාන ව්‍යාප්තියකට අයත් මහා කතිකාවකි.
මෙම මතවාදය සම්බන්ධ යම් යම් පරස්පරතා පවතින නමුත්, සමස්තයක් වශයෙන් ෆූකෝගේ දැනුම සහ බලය පිළිබඳ න්‍යායික මතවාදය ප්‍රායෝගික
සමාජය යථාර්ථවත්ව තේරුම් ගැනීමට ඉවහල් වනු ලැබේ.
No comments:
Post a Comment